ආසාදිතයන් 1000ක් වාර්තා වෙයි



ඕමානයේ පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිතයන් 1000ක ආසාන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේ ය.

ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා පුද්ගලයින් 343 දෙනෙකුට, සිකුරාදා 251 දෙනෙකුට සහ සෙනසුරාදා පුද්ගලයින් 373‍ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වීම හේතුවෙන් යම් අවධානම් තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ටයිම්ස් ඔෆ් ඕමාන්, මස්කට් නුවර)


RECOMMEND POSTS