ආයතනික නිරෝධයනය අනිවාර්යයි



ඉරානයේ සහ ඉරාකයේ සිට පැමිණෙන සියළුම පුද්ගලයන්ට ආයතනික නිරෝධායනය අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම රටවල් දෙකට ගමන් කරන ඕමාන් ජාතිකයින්ටද ආයතනික නිරෝධායනය අනිවාර්ය කර ඇති බව ඕමාන් උත්තරීතර කමිටුව නිවේදනය කරයි.

2021 අගෝස්තු 18 දින සිට ආයතනික නිරෝධායනය ක්‍රියාත්මක කරන බව ඕමාන් උත්තරීතර කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS