අසාද්ගේ පවුලේ වත්කම් බිලියන 1.2 ක්



සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2 ක් යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ සිරියාවේ ජනාධිපති ධුරය හොබවන අසාද් බලයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය ලබා දෙන්නේ ඇමෙරිකාවය.

ඇමෙරිකාවේ උදහසට ලක් වීමත් සමඟ අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාව සම්බාධක පැනැවීමක් ද කර ඇත.

එම සම්බාධක මඟ හැර යෑමට අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමත් වී ඇති බවත්, ඔවුන් සතු ධනය සිරියානු ජනතාවගේ මුදල් බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS