අවමංගල පෙරහරටත් ප්‍රහාරයක්



ඊශ්‍රායල හමුදා වෙඩි තැබීමකින් මියගිය අල් ජසීරා මාධ්‍යවේදීනී ෂිරීන් අබු අක්ලේගේ අවසන් කටයුතු අද (13) සිදුවුණු අතර, ඇයගේ දේහය සුසාන භූමිය වෙත රැගෙන ගිය අවමංගල පෙරහරට ද ඊශ්‍රායල ආරක්ෂක අංශ පහර දීමක් කළේය.

අවමංගල පෙරහරට සම්බන්ධ වී දේහය රැගෙන ගිය පිරිසට ඊශ්‍රායල ආරක්ෂක අංශ පහර දෙන ආකාරය ‘අල් ජසීරා’ පුවත් නාළිකාව ඔස්සේ විකාශය විය.

අවමංගල කටයුතු පැවැත්වූයේ සියොන් ප්‍රොතෙස්තන්ත සුසාන භූමියේදීය. ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමෙන් ෂිරීන් මියගියේ පසුගිය 11 වැනිදාය. ඒ, පටහිර ඉවුරට අයත් ජෙනින් නුවරදීය. දේහය නබ්ලුස් සහ රාමල්ලා හරහා ජෙරුසලමට රැගෙන ඒම සිදුවිය.

පලස්තීනුවන්ට දේහයට අවසන් ගෞරව දැක්වීමට හැකිවූයේ එම අවස්ථාවේදීය. ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් ෂිරීන් අබු අක්ලේ මියයෑමේ සිදුවීම ලොව කැලැඹීමට හේතුවක් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS