අවන්හලක වහලය කඩා වැටිලා



කුවේටයේ ජනප්‍රිය වෙළඳ සංකීර්ණයක පිහිටා ඇති අවන්හලක වහලය කඩා වැටී ඇති බව වාර්තා වේ.

එක් පුද්ගලයෙකු අනතුරින් තුවාල ලබා ඇති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

කඩාවැටුණු වහලයේ සුන්බුන් විසිරී ගොස් ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්කර තිබේ.

ආරක්ෂක අංශ සහ වෛද්‍ය නිලධාරීන් එම ස්ථානයට ගොස් අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

වහලය කඩා වැටෙන අවස්ථාවේ අවන්හල තුළ ආහාර ගනිමින් සිටි පුද්ගලයින් කම්පනයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS