අලුතින් එන්නත් මධ්‍යස්ථාන 3 ක්



කොරෝනා එන්නත ලබාදීම සඳහා අලුතින් මධ්‍යස්ථාන 3ක් විවෘත කළ බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කරනවා.

ෆර්වානියා නගරයේ මුටාබ් අල්-ෂලා සෞඛ්‍ය මධ්‍යස්ථානය, හවාලි නගරයේ අල්-සිද්දික් සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ අල්-සදිරාවි නගරයේ හමාඩ් අල්-හුමයිඩි මධ්‍යස්ථානය එම මධ්‍යස්ථාන තුන වේ.

අලුතින් විවෘත කළ එන්නත් මධ්‍යස්ථාන පිළිබඳව දැණුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ඩිනා අල්-දාබිබ් කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS