අල් කයිඩා-ඇමෙරිකා සෘජු සබඳතා



සුන්නි මුස්ලිම් ‘තක්ෆීරී අල් කයිඩා’ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය සහ ඇමෙරිකාව අතර සෘජු සබඳතා පැවැති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි යේමන සන්නද්ධ බලකාය පවසයි.

‘තක්ෆීරී අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානය සහ ඇමෙරිකාව අතරේ සෘජු සබඳතා වර්ධනය කර ගැනීමට, ඇමෙරිකන් සී.අයි.ඒ. නියෝජිතයන් සහ අල් කයිඩා නියෝජිතයන් මුණ ගස්වා ඇත්තේ යේමනයේ සෞදි හිතවාදී රජයයි.

යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන්, පෙරළා දමා ඇත්තේ මෙම සෞදි හිතවාදී රජයයි. යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වූයේ ද ඒ අනුවය.

සෞදි හිතවාදී යේමන රජයේ ජනාධිපති ලෙස කටයුතු කළ අබ්දුල්ලා සාලේ සහ ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානීන් අතරේ පැවැති හඬ පට තමන් සතුව ඇති බවත්, අල් කයිඩාව සහ ඇමෙරිකාව අතර හිතවත්කම් වර්ධනය වූ අයුරු එයින් සනාථ වන බවත් යේමන යේමන සන්නද්ධ බලකාය පැහැදිලි කර තිබේ.

‘තක්ෆීරී අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානය සහ ඇමෙරිකාව අතර සබඳතා පැවැත්වූ අතරමැදියා වූයේ යේමන ඇමෙරිකන් පුරවැසියකු වූ අබ්දුල් කාදර් අල් ෂාමිය. කෙසේ නමුත්, 2011 දී, අබ්දුල් කාදර් අල් ෂාමිගේ සේවය ඇමෙරිකාවට තවදුරටත් අවශ්‍ය නොවූ බැවින් සී.අයි.ඒ. ඒජන්තවරුන් අල් ෂාමි මරා දැමූ බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS