අරාබි පාර්ලිමේන්තු නියෝජිතයෝ සිරියාවට



අරාබි පාර්ලිමේන්තුවේ විශේෂ නියෝජිතයන් පිරිසක් සිරියාවට පැමිණ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2012 වසරේදීය. ඊට තවමත් පැහැදිලි විසඳුමක් ලැබී නැත. සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු විදෙස් නියෝජිත කණ්ඩායමක් එරටට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඊජිප්තු, ජෝර්දාන, පලස්තීන, ලිපියානු, ඊජිප්තු සහ එක්සත් අරාබි එමිරේට්ස් නියෝජිතයන් මෙසේ අරාබි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඩමැස්කස් අගනුවරට පැමිණි බව සිරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS