අර්බුදය විසඳා ගන්න ඊශ්‍රායලයත ලෙබනනයත් සූදානම්



අර්බුදයට ලක්වී ඇති මුහුදු දේශසීමාව සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමට ඊශ්‍රායලයට සහ ලෙබනනයට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයත් ලෙබනනයත් අත මෙසේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර එකඟත්වයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව වෙනුවෙන් මැදිහත් වූයේ විශේෂ නියෝජිත ආමෝස් හොච්ස්ටයින්ය.
ඊශ්‍රායලයත් ලෙබනනයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ වාද විවාද මධ්‍යයේය. ඇතිකරගත් එකඟතාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව ලෙබනනය පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS