අයි.එස්. නායකයා ඝාතනය කෙරේ



අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු අල් හුසේන් අල් හුසේනී අල් කුරේෂි ඝාතනය කිරීමට තම බුද්ධි අංශ සහ හමුදාව සමත් වූ බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබේ.

තුර්කි බුද්ධි අංශ අබු අල් හුසේන් අල් හුසේනී අල් කුරේෂි සැඟවී සිටි ස්ථානය ගැන සෙවිල්ලෙන් පසුවුණු බවත්, නිසි අවස්ථාවේදී, ඔහු ඝාතනය කිරීමට ඔවුන් පියවර ගත් බවත් තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

තම නායකයා මියගිය බව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය කිසිවක් පවසා නැත. අල් කුරේෂි අයි.එස්.අයි.එස් නායකයා බවට පත් වූයේ 2022 දීය. ඒ, නායක අල් බැග්ඩෑඩි ඇමෙරිකන් හමුදා අතින් ඝාතනය වීමෙන් පසුවය. අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ පුරෝගාමී නායකයා අල් බැග්ඩෑඩිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS