අමුතු විදියකට මත්‍ද්‍රව්‍ය විකුණයි



කුවේටයේ අසාමාන්‍ය ආකාරයකින් මත්ද්‍රව්‍ය අලෙවි කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වයස අවුරුදු 18ත් 40ත් අතර යෞවනයන් සහ පිරිමින් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය මිශ්‍ර යුෂ අලෙවි කරන බව සොයා ගෙන ඇත.

මෙම වර්ගයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා වෙබ් අඩවි සහ වෙළඳසැල් කීපයක් කුවේටයේ ඇති බව අල්-රායි වෙබ් අඩවිය වාර්තා කළේ ය.

ඇතැම් වෙළඳසැල් හිමියන් මත්ද්‍රව්‍ය අලෙවිකරන බව ඇඟවීම සඳහා රහස් පුවරුවක් වෙළඳසැල තුළ තබා ඇති බවත්, මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ යුෂ බෝතලයක් KD5 කට පමණ අලෙවි කරන බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය.

මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ යුෂ විකිණීමෙන් විශාල මුදලක් උපයා ගන්නා බව සොයා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
‍(GDN Online - කුවේට් නගරය)


RECOMMEND POSTS