අමාත්‍යාංශය කතකට ඩිනාර් 4,000ක් ගෙවයි



කුවේට් කාත්තාවකට ඩිනාර් 4,000ක මුදලක් ගෙවන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

පිරිමියකු ලෙස පෙනී සිටි බවට අදාල කාන්තාවට චෝදනා කරමින් මීට වසර දහයකට පෙර අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කුවේට් පොලීසිය  කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් ඇයට සිදු වී ඇති අසාධාරණයට අදාල වන්දි මුදල ගෙවන ලෙස අභියාචනාධිකරණය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට නියෝග කර ඇත.

කොණ්ඩය කොටට කපා ක්‍රීඩා කිරීම, ජීන්ස් කලිසමකින් , ටී ෂර්ටයකින් සැරසී සිටිම සහ පිරිමි පුද්ගලයන් අනුකරණය කිරීමේ වරදට කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

2012 වර්ෂයේදි ඇයව අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, සාක්ෂි නොමැතිකම සහ චෝදනා අදාළ නොවීම හේතුවෙන් පසුව මුදා හැර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක  
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS