අම්මයි පුතයි එකට උපාධිය අරගෙන



ජෝර්දාන් කාන්තාවක් සිය දරුවා සමඟ උපාධිය ලබා ගෙන ඇති බව වාර්තා වේ. ඇගේ වයසේ බොහෝ දරුවන් පාසල් යද්දී, වයස අවුරුදු 15 දීඅවාසනාවන්ත ලෙස පාසල් අධ්‍යාපනයට සමු දීමට සමිරාට සිදු වී ඇත.

අධ්‍යාපනය ලබාගැනීමේ උත්සහය කිසි විටෙකත් අත් නොහැර දිගටම අධ්‍යාපනය ලබාගැනීමට ඇය කටයුතු කර ඇත.   

යර්මුක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට පෙර ඇගේ පුතා සමඟ නැවත වරක් උසස් පාසලක අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා ය.

මෑතකදී අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ උපාධිය සහ ශාස්ත්‍රපති උපාධි සම්පූර්ණ කළාය.

මම මගේ පුතා සමඟ එකම විෂයයන් ඉගෙන ගත් බවත්, දේශන ගණනාවකදි එකිනෙකා හමු වුනු බවත්, විශ්ව විද්‍යාල ජීවිතය ඉතා සුන්දර එකක් වු බව සමීර ස්කයි නිවුස් ඇරබියාවට ප්‍රකාශ කර ඇත.

ඔවුන් දෙදෙනාගේ මීලඟ බලාපොරොත්තුව ආචාර්ය උපාධිය එකට සම්පූර්ණ කිරීම බව සමීරා වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online අම්මාන් නුවර)

RECOMMEND POSTS