අපේ තරුණයකුට කෝටි 64 ක ලොතරැයි දිනුමක්



ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන මොහොමඩ් මිස්ෆාක් නැමැත්තා අබුඩාබි බිග් ටිකට් (Abu Dhabi Big Ticket) නැමැති ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන්  රුපියල් කෝටි 64ක් පමණ වන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

36 හැවිරිදි මිස්ෆාක් ඊයේ කෝටිපතියෙක් බවට පත්වුයේ ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ආකාරයට ය.

ඒ ඔහු Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට හැකි වුවද ඔහු මේවන විට නිවාඩුවක් සඳහා ඔහු  ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ "මෙය තමන්ට අදහා ගත නොහැකි දෙයක් වූ බවත් තාත්තාගේ ශල්‍යකර්මය කිරීමට මේ මුදල ඉතා වටිනවා." මොහොමඩ් මිස්ෆාක් කියා සිටී.

මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී ගල්යගල්ෆ් ටයිම්ස් පුවත්පතට ඇත.

තම පියා හට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බැවින් මෙම මුදල් මේ අවස්ථාවේ දී ඉතා වටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ තම බිරිඳට සහ දරුවන් දෙදෙනාට නිවසක් ඉදිකිරීමට යොදවන බව ඔහු පැවසීය..

මොහොමඩ් මිස්ෆාක් ගේ මාසික වැටුප ඩිරාම් 7,000 ක් පමණ වන අතර පසුගිය වසර 10 ක කාලයක් පුරාවට ඔහු ඩුබායි හි සේවය කර ඇත.

සිය මිතුරන් 20දෙනා සමඟින් පසුගිය වසර 1 1/2 ක පමණ කාලයක සිට Big Ticket ලොතරැයි මිලදී ගැනීමට ඔහු පුරුදු වී තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS