අධිවේගය මැද වාහන නවත්වන්න එපා



අධිවේගී මාර්ග මැද වාහන නතර කිරීමෙන් වළකින ලෙස අබුඩාබි පොලීසිය රියදුරන්ට අනතුරු අඟවයි.

අධිවේගි මාර්ග මැද වාහන නතර කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන වාහන එකිනෙකට ගැටීමේ අවස්ථා වාර්තා වන බව අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේ ය.
එවැනි ආකාරයෙන් වාහන එකිනෙකට ගැටෙන විඩියෝවක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට එක්කරමින් පොලීසිය අවධාරණය කළේ ය.

අනිකුත් රියදුරන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත ස්ථානයක වාහනය නතර කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

https://twitter.com/i/status/1522521419363532801

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

 


RECOMMEND POSTS