අඩු ආදායම්ලාභීන්ට වෙබ් අඩවියක්



ඕමානයේ අඩු ආදායම්ලාභී පවුල්වල නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

ඕමානයේ සමාජ සංවර්ධන අමාත්‍යාංශය මෙම වෙබ් අඩවිය ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.

අඩු ආදායම්ලාභීන්ගේනිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විද්‍යුත් වේදිකාවක් වනමෙම වෙබ් අඩවිය WebWire IT Solution සමාගම සමඟ සහයෝගයෙන් සංවර්ධනය කරඇති බවඅමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ස්මාර්ට් අලෙවිසැල් හරහා සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කර අලෙවි කරගැනීමට මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS