විදේශ ශ්‍රමිකයන් අඩුවෙලා



ඕමානයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 3.5%කින් අඩු වී ඇති බව වාර්තා වේ.

2018 දෙසම්බර් මාසය වනවිට 1,787,447 සිට 1,782,406 දක්වා විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩු වී ඇත.

ඕමාන ජාතිකයන්ට වැඩිපුර රැකියා අවස්ථාවන් ලබාදීමට (ඕමානකරණය) කටයුතු කිරීම සහ විදේශ ශ්‍රමිකයන් රැකියා සඳහා නොපැමිණීම යන කරුණු ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඕමාන සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

අධ්‍යාපනය මෙන්ම අනිකුත් ක්ෂේත්‍රවල විදේශ ශ්‍රමිකයන් පැමිණීම සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වී ඇති බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS