චීන්නු උඩු ගුවනේ වී වගා කරනවා



චීනය ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ, ඔවුන්ටම කියා නිපදවාගත් අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටය. මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ ‘ටියැංගොන්’ ය. අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින චීන ගගනගාමීන්, විවිධාකාරයේ පර්යේෂණ සිදු කරයි. එම පර්යේෂණ අතරේ, අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ කුඩා හරිතාගාරයක් තුළ සාර්ථකව වී පැළ වගා කිරීමට ද චින ගගනගාමීහු සාර්ථකව සමත් වී සිටිති.

අභ්‍යවකාශයේ අඩු ගුරුත්වයක් යටතේ, සාර්ථක වී පැළ වගා කෙරුණු පළමු අවස්ථාව මෙයයි. චීන ගගනගාමීන් වගා කළ බව පැවැසෙන්නේ ජපොනිකා නමැති වී වර්ගයයි. ගගනගාමීන් පවසන්නේ කෘත්‍රිම පරිසර තත්ත්වයන් නිර්මාණය කර වී පැළ ලොකු මහත් කර ගැනීමට මාස ​දෙකක කාලයක් ගත වුණු බවය. චීනයේ අරමුණ වී ඇත්තේ, අනාගතයේ ‘ටියැංගොන්’ නැවතුම්පොළේ සිට අභ්‍යවකාශ ගවේෂණ සිදු කිරීමටය. ඒ අනුව අභ්‍යවකාශයේදීම, ස්වයංපෝෂිත ලෙස ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරිමට මෙම පරීක්ෂණය සිදු විය.

NDTV ඇසුරිනි


RECOMMEND POSTS