ශ්‍රී ලාංකික තරුණියකට දිවි අහිමි වෙයි



ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පසුව අධ්‍යාපන කටයුතු සඳහා නැගෙනහිර යුරෝපයේ ලැට්වියා නගරයේ සරසවියකට පැමිණ එම අධ්‍යාපන කටයුතු අවසන් කර ප්‍රංශයට සංක්‍රමනය වී වසර දෙකක් පමණ ප්‍රංශයේ පැරිස් නුවරට නුරින් පිහිටි මොන්ත්‍රොයිල් නගරයේ ජීවත්වූ වයස අවු 30ක් පමණ වයසැති කේ.එම්. දුලක්ෂී දිල්රුක්ෂි අමරසේකර තරුනිය වස වර්ගයක් පානය කොට සියදිවි හානිකරගෙන ඇත්තේය.

කැරපොත්තන් වඳ කිරීම සඳහා යොදාා ගන්නා රසායනික ද්‍රව්‍යයක් පානය කිරීමෙන් පසු දින හතරක් පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේය.

සොයා බලා දැනගැනීමට ලැබුනු විශ්වාසවන්ත තොරතුරුවලට අනුව දැඩි මානසික පීඩනය හේතු කොට මෙම තරුණිය දිවිනසාගත්බව හෙලිවී ඇත්තේය.

මේවනවිට ඇයගේ මෘතදේහය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පරීක්ෂණ කටයුතු අවසන්වූ පසු ඇගේ දේහය ශ්‍රීලංකාවට එවීම සඳහා පැරීසියේ සිංහල සංස්කෘතික සංවිධානය ප්‍රමුඛතවත් සංවිධාන කිහිපයක් සුදාානමින් සිටින බව වාර්තා වන්නේය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)


RECOMMEND POSTS