සියලුම එළිදරව්වේ පද අපගේ කාලයේ සැබෑවට සම්බන්ධයි



බයිබලය පැහැදිලි කරයි: සියලුම එළිදරව්වේ පද අපගේ කාලයේ සැබෑවට සම්බන්ධ වේ

"(එළිදරව්වේ) අනාගත වාක්‍යයේ  අර්ථයන් සහ අනාගත වාක්‍යට අනුව සැබෑවේ දී ඉෂ්ඨ වන දෙය මම අද ලොව පුරා සභාවලට ප්‍රකාශ කරමි."

සභාපති ලී මාන්-හී ගේ නිර්භීත ප්‍රකාශයෙන් පටන් ගෙන, “දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුම එළිදරව්වේ අනාගත වාක්‍යය සහ ඉෂ්ඨ වීම සාක්ෂිය” යන මාතෘකාවෙන් යුත් සතිපතා සම්මන්ත්‍රණ මාලාවක් ඔක්තෝබර් 18 සිට දෙසැම්බර් 27 දක්වා, සින්චොන්ජි යේසු සභාව වන සාක්ෂි මණ්ඩප දේව මාළිගය පවත්වනු ලැබේ.

යේසුස් වහන්සේගේ පළමු පැමිණීමෙන් පසු , කිතුනු ලෝකයේ අනාගතය ගැන සහ වීමට තිබෙන්නා වූ අනතුරු ඇඟවීම් ගැන අනාගත වාක්‍ය පළ කළ බයිබලයේ පොතක් වන එළිදරව්ව පොත පිළිබඳ ප්‍රකාශ කිරීම සම්මන්ත්‍රණවල අරමුණ ලෙස සභාපති ලී අවධාරණය කළ අතර එම ප්‍රකාශ කිරීම බයිබලයේ සදහන් වන "සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි" (එළි. 22:16) සහ "ඇසූ දුටු තැනැත්තා" (එළිදරව් 22:8) යන දේව වචනවලට අනුකූල වන බවත් ය.

ඔහුගේ පැහැදිලි කිරීම අනුව, එළිදරව් පොත අවබෝධ කර ගැනීමේ යතුර එළිදරව්වේ අර්ථයෙන් ආරම්භ වේ.  එය "විවෘත කර පෙන්වීම (මුද්‍රා තැබූ සහ නොපෙනෙන දේ)" වන අතර, අතීතයේ වාර්තා කරන ලද අනාගත වාක්‍ය වල සැබෑව ඉෂ්ඨ වන (එළිදරව් කරන) කාලයක් තිබේ.

(අපෝස්තුළු) යොහන් ආසියාවේ සභා හතට යේසුතුමන්ගේ ලිපි යවන බව එළිදරව්වේ 1 වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති අතර, එය අභිරහස් වලින් එකක් ලෙස විස්තර කෙරේ (එළිදරව් 1:4, 1:20).  සභා හතට ලිපි යැවීම අනාගත වාක්‍යයක් බවත් එය සැබෑ ලෙසම ඉෂ්ඨ වන්නේ යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී බවත් සභාපති ලී පැහැදිලි කළේය.  ඒ අනුව, එළිදරව් පොත ලියන විට බයිබලයේ අභිරහස් දැන නොසිටි නමුත් එය දැනගනු ලබන්නේ  “අනාගත වාක්‍ය සැබෑවට සම්පූර්ණ වූ විට පොතේ සියලු සිදුවීම් අසා දුටු තැනැත්තා” පමණි.

දින දෙකක් තුළ, සභාපති ලී විසින් එළිදරව්වේ 1 වන පරිච්ඡේදය පිළිබඳ සම්මන්ත්‍රණය ලොව පුරා YouTube හි නැරඹුම් වාර 300,000 ඉක්මවා ගිය අතර, ක්‍රිස්තියානි නායකයින්ගේ නැරඹුම් 5,000ක් ද ඊට ඇතුළත් වේ.

අගෝස්තු මාසයේ සිට, අප්‍රිකානු සභා 25 ක සාමාජිකයන් 10,000 ක්  සින්චොන්ජි සභාව සමඟ අවබෝධතා ගිවිසුම් ද් අත්සන් කරන ලදී .  මෙම යුගය අවබෝධ කර ගැනීම සහ ඔවුන්ගේ ඇදහිල්ලේ ජීවිත වර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහත සදහන් වූ සභාවලට අමතරව සභා 18 ක් අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බව සින්චොන්ජි සභාව ප්‍රකාශ කළේය.

(YouTube හි "දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුම එළිදරව්වේ අනාගත වාක්‍යය සහ ඉෂ්ඨ වීම සාක්ෂිය" සෙවීමෙන් හෝ https://www.youtube.com/c/ShincheonjiChurchofJesus සබැඳිය හරහා ඔබට සම්මන්ත්‍රණය නැරඹිය හැකිය)


RECOMMEND POSTS