ටොස්කානා ශ්‍රී ලංකා රිදී ජයන්ති සැමරුම



ඉතාලිය තුල පිහිටි පැරණිම ස්වෙච්චා සංවිධානයක් වන ටොස්කානා ශ්‍රී ලංකා අසරණ සරණ සමිතියේ 25 වන අනුස්මරණ රිදී ජයන්ති සැමරුම 2021 නොවැම්බර් මස 28 වන දින ඉතාලියේ ඇරෙස්සෝ නගරයේදී මොන්දෝ මිග්‍රාන්ති සභාපතිනී දේශමාන්‍ය මිහිරි ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා සභාපති නලීන් ප්‍රදීප් ඩයස් මහතාගේ මෙහෙයවීමෙන් පවත්වන්නට යෙදින.

මෙම සංවිධානය 1995 ඇරඹු අතර මේ වන විට  ශ්‍රී ලංකාව  තුල විවිධ පරාසයන් ඔස්සේ විශාල නිහඬ සේවයක් කර ඇත. සිය අභිමානවත් සැමරුමට සහභාගීවූ සියලුම දෙනාට සමරු තිළිණයක් ප්‍රධානය කල අතර , ඉදිරියට සංවිධානය තවත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රජා සත්කාරයන් කිරීම තම අධිටන බව ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS