වෙස්ට්මින්ස්ටර් විරෝධතා!



ශ්‍රී ලංකාවේ වත්මන් පාලනයටත් රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත් වන්නටත් බල කරමින් එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් හි විරෝධතා ආරම්භ වී තිබේ.

වෙස්ට්මින්ස්ටර්හි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි පාර්ලිමේන්තු චත්‍රරශ්‍රයේ මෙම විරෝධතා ආරම්භ වී තිබෙන අතර ගාලු මුවදොර ‘ගෝඨාගෝගමට’ සහෝදරත්වය පළ කරමින් එහි ද කුඩා ‘ගෝඨාගෝගමක්’ ප්‍රකාශයට පත් කර ඇත.

එක්සත් රාජධානියේ විවිධ ප්‍රදේශවල ජීවත් වන සියලු ප්‍රජාවල ශ්‍රී ලාංකිකයන් 1,500කට වැඩි පිරිසක් මෙම විරෝධතාවලට සහභාගී වී සිටිති.

මෙම විරෝධතා මාර්තු මස 13 වැනිදා තෙක් පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

ඔලිවියාර් සම්මාන උලළේදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ හිරාන් අබේසේකර ද මෙම විරෝධතාවලට එක්ව සිටියේ ය.

(ඩේලිමිරර්)


RECOMMEND POSTS