මිලානෝ කොන්සල් ජනරාල් තනතුර නීලා වික්‍රමසිංහට



දෙවසරකට අධික කාලයක් පුරප්පාඩුවක්ව පැවති උතුරු ඉතාලියෙ මිලානෝ නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් තනතුර සඳහා ජනප්‍රිය ගායන ශිල්පිණීයක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇත.

එම ධූරයේ වැඩභාර ගැනීම සඳහා ඇය පසුගියදා ඉතාලියේ මිලානෝ මල්පෙන්සා ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉතාලියට පිවිසියාය. 

ඇය පිලිගැනීම සඳහා මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාර්‍රීන් මෙන්ම මිලානෝ නගරවාසී ශ්‍රී ලාංකීකයින්  රැසක්ද එක්වී සිටි අතර එම පිරිස විසින් ඇයව මහත් හරසරින් පිලි ගත්හ.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම තනතුරේ පැවති පුරප්පාඩුව හේතුවෙන් කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සේවය ලබන ශ්‍රී ලාංකීකයන් හට මුහුණ දීමට සිඳු වූ විවිධ අපහසුතාවයන් සම්බන්ධයෙන් නව කොන්සල් ජනරාල්වරිය නිසි ක්‍රියා මාර්ග ගනු ඇතැයි උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රි ලාංකීකයින් විශ්වාසය පල කර සිටිති.


RECOMMEND POSTS