බක්මහේ අසිරිය සෞදි අරාබියෙන්



වැලි කතරට අලුත් බර නැවුම් අරුතක් ගෙන එමින් හෙලයේ මහා මංගමංගල්‍යය
"සූර්‍ය මංගල්‍යය", Covid උවදුරින් පසු නැවතත්  සුපුරුදු පරිදි සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රි ලංකා සංස්කෘතික සංසදය මගින් සංවිධානය  කරන මහා බක්මහ උලෙල දමාම් (91) අල් ශාෆෙක් උත්සව භූමියේදී අප්‍රේල් 28 වෙනි සිකුරාද උදෑසන 10.00 සිට දවස පුරාම පැවැත්වෙන බව සංවිධායක මන්ඩලය පවසයි.

සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේ අනුග්‍රාහකත්වය යටතේ පවත්වන මෙම බක්මහා උලෙල සමග හෙලයේ අවුරුදු චාරිත්‍ර සහ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් ශ්‍රි ලංකාවේ ආවේනික ජන ක්‍ර්‍රිඩා සංස්කෘතික අංග රැසකට සහභාගිවීමේ සහ නැරඹීමේ අවස්තාව ඔබට උදාවෙනු ඇත.

කණා මුට්ටිය බිදීම,අලියාට ඇස ලකුනු කිරීම,කඹ ඇදීම,පොල් ගමේ තරග,අවුරුදු කුමරා කුමරිය,සගවුනු අමුත්තා සෙවීමේ තරග වැනි විනෝදාත්මක සහ රසාස්වාදය ගෙන දෙන විවිද විශේෂාංග රාශියකින් සමන්විත බවද නැගෙනහිර කලාපයේ ශ්‍රි ලංකා සංස්කෘතික සංසදය වැඩි දුරටත් පවසයි.

කොවිඩ් උවදුරත් සමගින් දැඩි නිහඩියාවකින් පසු සෞදි අරාබියේ  වෙසෙන මවුබිමේ ආදරනීයන් වෙනුවෙන්ම සංවිධානය කරන මෙම මහා බක්මහා  උලෙලට සහභාගි වි ඔබේ දැනුම විනෝදය සමගින් ආස්වාදය ලබා ගන්නා ලෙස නැගෙනහිර කලාපයේ ශ්‍රි ලංකා සංස්කෘතික සංසදය ඉල්ලා සිටි.

වැඩි විස්තර සදහා 0500035302 / 0509199165 / 0500998349 / 0509041258 සහ 0530190699

(ලලිත් ප්‍රේමලාල්)


RECOMMEND POSTS