පැරිස් නුවර කඨින පිංකම



පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ කඨින පිංකම දා පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවරත් 2021 ඔක්තෝම්බර් මස 31 වෙනි ඉරු දින උත්කර්ෂවත් ලෙස පැවැත් වුයේය.

ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරීසියේ ජේතවන විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, හෝකන්දර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති නිට්ටඹුවේ හිටපු සාරිපුත්ත පීඨාධිපති කොටගම වාචිස්සර හිමි, මාපලගම බුද්ධසිරි හිමි, වලල්ලාවිට කෝරළේ අධිකරණ සංඝ නායක මානම්පිට අමිත හිමි ගුරුලෑපොල ධම්ම විශුද්ධි හිමි, හකුරුගම්මන සද්ධාතිස්ස හිමි, පල්ලේගම අස්සජී හිමි, මුලනේ ගුනානන්ද හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කහත්තේවෙල සුගතසිරි හිමි, බුරුම ජාතික ඌකුමාර හිමි, බංගලාදේශ ජාතික ජෝතිසාර හිමි, බංගලාදේශ ජාතික චන්ද්‍රජෝති හිමි යන ස්වාමීන් වහන්සේලා ඉහත කඨින පිංකමට වැඩම කර සිටියෝය.

විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන් කඨින පිංකම සිදුකරනු ලැබුවේය . අනතුරුව කඨින චීවර පූජාව, මහා සංඝරත්නය විෂයේ සංඝත දක්ෂිණාවක්ද පැමින සිටි පිරිසට දන්සැලක්ද පැවැත් වූයේය.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට

RECOMMEND POSTS