ප්‍රංශයේ ශ්‍රීලංකා නව තානාපතිනිය වැඩ අරඔයි



ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයට අළුතෙන් පත්වී පැමිනි නව තානාපතිවරිය මනිෂා ගුනසේකර මහත්මිය පසුගියදා ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපතිවරිය ලෙස වැඩ භාර ගත්තේය.

වර්තමාන විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කල එතුමිය වර්ෂ 1998 සිට 2002 වසර දක්වා  ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් වරිය ලෙස එවකට තානාපතිනිය සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ තම ප්‍රථම විදේශ සේවය ආරම්භ කරමින්, ඉන්පසු ජපානය, දකුනු කොරියාව, ජිනීවා, යන රටවල ශ්‍රීලකා තානාපති කාර්යාලයන්හී ප්‍රථම ලේකම්, වැඩ බැලු තානාපති යන තනතුරු හොබවා ඇති එතුමිය පසුගිය කාලයේ එංගලන්තයේ මහා කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති විදේශ සේවයේ මනා අත්දැකීම් සම්භාරයක් හිමිකර ගත් අවංක දක්ෂ දූරදර්ශී රාජ්‍ය සේවිකාවක් බව රාජ්‍ය සේවය තුල ප්‍රසිද්ධ කරුනකි.

එතුමිය විසින් ඉහත රාජකාරී කටයුතු ආරම්භ කරමින ඊට සමාන්තරව ප්‍රංශයේ පිහිටුවා ඇති සියලුම ශ්‍රීලාංකික සංවිධාන නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, කලාකාරීන් කැඳවා පසුගිය මාර්තු මස 31 වෙනි සිකුරාදාා සවස තානාපති කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත් වූයේය.

ප්‍රංශයේ ශ්‍රීලාංකික ප්‍රජාවට තානාපති කාර්යාලයෙන් සිදුවෙන සේවාවන් විධිමත් කොට කාර්යක්ෂම විශිෂ්ඨ සේවයක් ලබාදීම, විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා ශ්‍රීලාංකික ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද, ජාතීන් අතර සහජීවනය හා සංහිඳියාව නව මාවතකින් ගොඩ නැගීම හා වර්ධනය කිරීම ආදී කරුනු රාශියක් ගැන එදින සාකච්ඡා කල අතර ඉදිරියේදීත් මෙවැනිම සාකච්ඡා වලින් ශ්‍රීලාංකික ප්‍රජාව දැනුවත් කරමින් ඊට සාපේක්ෂව ඔවුන්ගේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රීලංකාවේ ආර්ථික අර්බූදය යහපත් මගට හැරවීමට අවශ්‍යය සහාය ලබා ගැනීමද අරමුන බව පැහැදිලි කල ඇය ශ්‍රීලංකා ප්‍රංශ තානාපති සේවය හා ශ්‍රීලංකාව යුනේස්කෝ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා 75 වසරක් සමරන මෙම වසරේ ජාත්‍යයන්තර වෙසක් දිනයේදී ඉතාමත් උසස් වෙසක් උත්සවයක්ද පැවැත්වීමට කටයුතු කරන බවද පැවැසීය.

තානාපති කාර්යාලයෙන් පිලිගැන්වූ තේ පැන් සංග්‍රහයකින් පසු සභාවේ කටයුතු අවසන් වුයේය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS