ප්‍රංශයෙත් ගෝටා ගෝ ගමක් ආරම්භ වේ



දෙවන ලෝක යුධ ජයග්‍රහනය සමරණ පසුගිය මැයි මස 8 වන ඉරිදාා ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි මහජන චතුරශ්‍රයේදී ගෝටා ගෝ ගමක් ආරම්භ කළේය.

දෙවන ලෝක යුධ ජයග්‍රහනයට සම්බන්ධ ප්‍රංශයේ ඵෞතිහාසික ස්ථානයක් වන පැරීසියේ පිහිටි ඉහත සඳහන් මහජන චතුරශ්‍රයේ ආරම්භ කල ගෝටා ගෝ ගමේ පැවැති විරෝධතාවයට විශාල පිරිසක් සහභාගීවී සිටිනු දක්නට ලැබුනු අතර ශ්‍රීලංකාවේ දැනට පවතින ඖෂධ හිඟයට සාපේක්ෂව ප්‍රංශයේ ශ්‍රීලාංකිකයන්ගේ පරිත්‍යාග වලින් ලබා ගත් සාමාන්‍ය ලෙඩ රෝග සඳහා භාවිතා කරන වටිනා ඖෂධ වර්ග රාශියක් එකතු කොට ශ්‍රීලංකාවට යැවීම සඳහා එහිදී කටයුතු සංවිධානය කොට තිබුනේය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)


RECOMMEND POSTS