2021 වාර්ෂික වාර්තාව මුදල් ඇමැතිට



ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වත වාර්ෂික වාර්තාව පිළිගන්වනු ලැබිණි.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව සකස් කරන අතර මෙය ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද 72 වැනි වාර්ෂික වාර්තාව ය.

අප්‍රේල් 30 ට වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතු ය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් (භාණ්ඩාගාර ලේකම්) කේ.එම්.එම්. සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඒ.ආර්.කේ. විජේසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ඊ.ඩබ්ලිව්.කේ.ජේ.බී. ඇහැලේපොල යන මහත්වරුන සහ ආචාර්ය එස්. ජෙගජීවන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS