සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවා විධිමත් කෙරේ



සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්), අන්තර්ජාලය මගින් හෝ වාණිජ බැංකු ශාඛාවකින් කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රට තුළ පවතින සංචාරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත සේවා කොළඹ ප්‍රධාන කාර්යාලයට සහ මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවලට නොගොස් තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්), අන්තර්ජාලය මගින් හෝ වාණිජ බැංකු ශාඛාවකින් ඉටු කරගැනීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණ සේවා ලබාගැනීම, පවතින වසංගත තත්ත්වය මත අතිශයින්ම සීමා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ආශ්‍රිත ඕනෑම සේවාවක් ලබාගැනීම සඳහා බැංකු වැඩ කරන දිනවල පෙරවරු 7.45 සිට පස්වරු 4 දක්වා මහජන සම්බන්ධතා විමසීම් අංශයේ 011-2206642, 011-2206690, 011-2206691, 011-2206692, 011-2206693, 070-2252051, 070-1278502, 070-2247862 යන දුරකතන අංකවලින් ද [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ද (ඊමේල්) විස්තර ලබාගත හැකි ය.


RECOMMEND POSTS