කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක්



සිංගප්පූරුව ,මැදපරදිග ඩුබායි මෙන් ශ්‍රි ලංකාවේ කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බැවින්, ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියා සහ පැසිෆික් කලාපයේ සියලු රටවලට ආරාධනා කර සිටී.

විශේෂයන්ම, කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමත් , කොළඹ සහ හම්බන්තොට වරායන් ජාත්‍යන්තර ම්ටමේ වරායන් ලෙස සංවර්ධනය කීරිමත්, සමග ලොව පුරා ආයෝජකයින්ට ශ්‍රි ලංකාව ආකර්ශනීය ආයෝජන කලාපයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ පැවති තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා-පැසිෆික් කලාපීය ඉහළ මට්ටමේ සමුළුව අමතමිනි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සමුළුව පැය හතරකට ආසන්න කාලයක් පැවැත්විණ. චීනය ඇතුළු රටවල් බොහෝමයක විදේ අමාත්‍යවරු හා රාජ්‍ය නියෝජිතයන් මෙම සමුළුවට අන්තර්ජාලය ඔස්සේ සහභාගි වී සිටියහ කොවිඩ්-19 වසංගත අභියෝගයන්ට මුහුණ දීමට කොවිඩ් මර්දන එන්නත් ගෝලීය මහජන සෞඛ්‍යය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පිළිගැනීමත්, ඊට රාජ්‍යයන් සහ අනෙකුත් හවුල්කරුවන් අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.

 කොවිඩ් වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා වන සම්බන්ධීකරණ ප්‍රයත්න, වසංගතයෙන් ඉක්මනින් සුවපත් වී ,ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනයයෙන් අනාගතයේ දී ආර්ථික දියුණුව සඳහා ඵලදායී ලෙස දායක වීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසට මෙහිදී පෙන්වා දුන්නේය.

ජාතික ප්‍රමුඛතාවයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය සමඟ තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය අවධානය සහ ලබා දෙන සහාය පිළිබදවද හෙතෙම සමුළුට එක්වූ පිරිස් දැනුවත් කළේය. විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම සමුළුවේ දී විදේශ අමාත්‍යවරයා සමග සමඟ එක් විය.


RECOMMEND POSTS