උද්ධමනය තවදුරටත් පහළට



ඉකුත් දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති උද්ධමනයට සාපේක්ෂව මෙලෙස දෙසැම්බර් මාසයේ දී උද්ධමනය පහළ ගොස් තිබේ.   

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස පහළ ගොස් තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මෙම මතුපිට උද්ධමනය සියයට 65.0 ලෙස දැක්වුණු අතර එය නොවැම්බර් මාසයේ දී සියයට 59.2 ක් දක්ව පශල ගොස් තිබේ.

එම ප්‍රවණතාව ම අනුගමනය කරමින ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 59.3 ක් දක්වා පහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසයේ දී මෙම උද්ධමනය සියයට 69.8ක් ලෙස දැක්විණි. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ දී සියයට 60.4ක් ලෙස පැවැති අතර දෙසැම්බර් මාසයේ දී එය සියයට 59.0ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික නොවන ලක්ෂ්‍යම උද්ධමනය නොවැම්බර් මාසයේ පැවැති සියයට 60.4 සිට දෙසැම්බර් මාසයේ දී සියයට 59.0ක් දක්වා පහළ‌ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 0.01ක් ලෙස වාර්තා වී ඇත.

මේ සඳහා ආහාර කාණ්ඩයේ අයිතමවල මිලේ සිදු වූ සියයට 0.20ක මාසික පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල සිදු වූ සියයට 0.21ක මිල ඉහළ යෑම මිල ඉහළ යෑම මගින් මුළුමනින්ම පාහේ තුලනය වීම ඊට හේතු වී තිබේ. ඒ අනුව ආහාර කාණ්ඩය තුළ ලොකු ලූණු. කරවල, සීනි, එළවළු, සහ සහල් මිල ගණන් පහළ ගොස් ඇත.

කෙසේ නමුත් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී පොල්, කිරිපිටි, සහ පලතුරු මිල ගණන් ඉහළ යෑමක් වාර්තා වී තිබේ. ඊට අමතරව ඉකුත් දෙසැම්බර් මාසයේ දී ආහාර නොවන කාණ්ඩය තුළ, රෙදිපිළි හා පාවහන්, සහ විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩවල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය නොවැම්බර් මාසයේ දී පැවැති සියයට 46.7 සිට ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 50.4 ඉහළ ගොස් ඇත.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනහ මත මූලික උද්ධමනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සී සියයට 60.1ක් ලෙස පැවැතිණි. එය ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 57.5ක් දක්වා පහළ ගොස් ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ඉකුත් දෙසැම්බර් මාසයේ දී සියයට 43.9ක් දක්වා ඉහළ තිබේ.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS