සැප්තැම්බර් දක්වා ප්‍රමාදයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කරගැනීම සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමාද වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒ.පී.) පුවත් සේවය වාර්තා කරයි.

ඉකුත් සති කිහිපයේ දී රටේ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් එලෙස එකඟතාව ඇති කරගැනීම ප්‍රමාද වී ඇතැයි ජනාධිපතිවරයා පවසා ඇත.

තමන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන විට අගෝස්තු මාසය මුල වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කරගැනීමට ඉලක්ක කළ බව, පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු කතාවේ දී පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නැවත ආරම්භ කළ බව මුදල් අමාත්‍යාංශය සිකුරාදා පැවැසීය.

නව ආණ්ඩුව පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළ බවත් එම සාකච්ඡා ඉතාම සාර්ථක බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව පෞද්ගලික ණය හිමියන්ට ගෙවිය යුතු ව ඇති විදෙස් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවයි.

රොයිටර්


RECOMMEND POSTS