ශ්‍රමිකයන් බිලියන 80.96ක් යවලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන් එමිරේට්ස් ඩිරාම් බිලියන 80.96ක් සිය රටවල්වලට යවා ඇත.

2019 වර්ෂයේ මුල් මාස හය (ජන:ජුනි) ඇතුලත අදාල මුදල් ප්‍රමාණය යවා ඇති බව එමිරේට්ස් මහාබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එමිරේට්ස් ඩිරාම් බිලියන 33.046ක් මුදල් හුවමාරු සමාගම් හරහාත්, ඉතිරිය එමිරේට්ස් බැංකු හරහා විදේශ ශ්‍රමිකයන් මුදල් යවා ඇති බව මහා බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ඉන්දියානුවන් මුළු මුදල් ප්‍රමාණයෙන් 37.2%ක් යවා ඇති අතර පිළිවෙලින් පකිස්ථානුවන් 10.5%ක්ද,පිලිපීන ජාතිකයන් 7.2%ක්ද, ඊජිප්තු ජාතිකයන් 6.3%ක්ද, එංගලන්ත ජාතිකයන් 3.8%ක්ද, බංගලිදේශ ජාතිකයන් 3.7%ක්ද, ඇමරිකානු ජාතිකයන් 3.3%ක්ද, ජෝර්දාන් ජාතිකයන් 2.6%ක්ද, ස්විස්ටර්ලන්ත ජාතිකයන් 2.2%ක් සහ චීන ජාතිකයන් 1.5%කප්‍රතිශතයක් ලෙස සිය රටවල්වලට මුදල් යවා ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS