විජය පුවත්පත් සමාගම සම්මාන දිනයි



2021 නව පරම්පරාවේ සම්මාන උළෙලේදී (New Generation Awards 2021) විජය පුවත්පත් සමාගම සම්මාන රැසක් දිනා ගත්තේය.කාන්තා කළමනාකරණය ආයතනය සංවිධානය කරන (Women in Management), නව පරපුරේ සම්මාන උළෙල - 2021 ඊයේ (29) සවස ගලදාරී හෝටලයේදී පැවැත්විණි.

විජය පුවත්පත් සමාජමේ සමාජ මාධ්‍ය දෙපාර්තමේන්තුව (Social Media Department) “The Youth Focus Corporate Award of the Year” සම්මානයට පාත්‍ර වූ අතර සමාජ මාධ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී සහ සංස්කාරක (Head of Social Media, Editor - Hi!! Online, The Weekend Online and WNow), රිෂිනි වීරරත්න මෙනවිය විසින් එම සම්මානය පිළිගන්නා ලදී.

හිරුෂි ජයසේන, සහකාර සංස්කාරක (HI!! Online) සහ ජනප්‍රිය වැඩසටහන් නිවේදිකා (In Conversation with Hirushi Jayasena on Lankadeepa Online and Daily Mirror Online) ‘The Positive Social Media Influencer of the Year’ සඳහා වන සම්මානය හිමි කරගත්තාය.

සමාජ මාධ්‍ය දෙපාර්තමේන්තුවේ විධායිකාවක් ලෙස කටයුතු කළ, Adoptees.Lk හී නිර්මාතෘ සහ Hi!! ඔන්ලයින්හී සහ ඩේලි මිරර්හී තීරු ලිපි රචකයෙක්‍ ලෙස කටයුතු කරන නිනුරි අසල්යා ද සිල්වා ‘Youth Activist of the Year’ සඳහා වන සම්මානය දිනා ගත්තාය.

සාzරා යූසුෆඅලී සහ හුමෙයිරා අසීzඉම් ඔවුන්ගේ ජනප්‍රිය සමාජ මාධ්‍ය බ්ලොග් අඩවිය වන 'Food For Thought' සඳහා ‘The Blogger of the Year’ සඳහා වන සම්මානය ලබා ගත්හ. The Food for Thought වීඩියෝ මාලාව ඩේලි මිරර් ඔන්ලයින් හි සතිපතා විකාශය වන අතර ඩේලි මිරර් සති අග පුවත්පතේ ලිපියක් ලෙසද ප්‍රකාශයට පත් කෙරේ.

‘Trailblazing Youth of the Future සම්මානය’ දිනාගනු ලැබුවේ ජනප්‍රිය තරුණ හොලිවුඩ් නළු, සහ ස්වාධීන චිත්‍රපට නිෂ්පාදක ගිහාන් කුරේ විසිනි. ඩේලිමිරර් ඔන්ලයින්හි සතිපතා විකාශය සහ සති අග ඩේලි මිරර් පුවත්පතේ පළවන ජනප්‍රිය වැඩසටහන, 'Gehan Cooray's Meeting of the Minds' හී සංස්කාරකයා ඔහුය.


RECOMMEND POSTS