කෘතිම පාදයෙන් ජීවිත 200 ආලෝකමත් කරන ’සන් මැච්’



මෙරට කීර්තිමත් සමාගමක් වන සන් මැච් ආයතනයේ නිර්මාතෘ හා සභාපති ටී ආර් ආර් රාජන් මහතාගේ 20 වන ගුණානුස්මරණයට සමගාමීව සංවිධානය කර තිබූ කෘතිම පාද ලබා දීමේ වැඩසටහන පසුගිය දා මහනුවරදී පැවත්විය.

ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයට සැබෑ ආලෝකයක් එක් කරමින් ජීවිත 200 කට නැවත ඇවිදීමට අවස්ථාව සන් මැච් ආයතනය විසින් උදාකර දුන්නේය.

එම අවස්ථාවට කෘතීම පාදයක් ලබා ගැනීමට සහභාගී වූ ජාන් මහතා කියා සිටියේ “ බොහෝ අය පෙබරවාරී 4 වනදාට නිදහස සැමරුවත්, නිදහසේ නියම අරුතට නියම අර්ථකතනය නම් දෑස් නොපෙනෙන කෙනෙකුට පෙනීම ලබාදීමත් ඇවිදීමට නොහැකි මා වැනි කෙනෙකුට දෙපයෙන් නැගී සිටිමින් ඇවිදීමට හැකියාව ලබා දීමයි. “ යනුවෙන් ඉතා සංවේදීව කියා සිටියේය. 

මහනුවර දිස්ත්‍රික්කයේ කුන්ඩසාල ප්‍රදේශය පදනම් කරගනිමින් බිහිවූ සන් මැච් ආයතනය මානව සමාජයේ අපූර්වතම පරිත්‍යාගශීලී මානව මෙහෙවර සිදුකරමින් අවිදීමට නොහැකි මිනිසුන් නැවත දෙපයින් අවිදීමට දෙඅත දිගු කරන මහනුවර ආබාධිත පුද්ගලයන් සඳහා වූ මධ්‍යස්ථානයේ “නැවත ඇවිදිමු“ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ගෞරවනීය දානපතියෙකු වූ සන් මැච් ආයතනයේ නිර්මාතෘ දිවංගත ටී ආර් ආර් රාජන් මහතා එම මධ්‍යස්ථානයේ සභාපති ලෙසද කටයුතු කළේය.

ඔහුගේ දුරදක්නා නායකත්වයත් මෙරට ඔහුගේ කණ්ඩායම පිළිබදවත් තිබූ විශ්වාසය නිසාම ඹී්ෂෘ  හා භධඍ්ෘ වැනි ගෝලියව පිළිගත් සමාජ සේවා ආයතනද ඔහුගේ මෙම වැඩසටහන හා සමඟ අත්වැල් බැදගෙන ඇත. එපමණක් නොව මධ්‍යම රජයේ පූර්ණ ආශිර්වාදය මැද මෙම “ නැවත ඇවිදිමු“ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව, සන් මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා / ප්‍රධාන අලෙවි නිලධාරීණී නිර්මාතෘවරයාගේ දියණිය ගෞරී රාජන් මහත්මිය පැවසීය.   

ටී ආර් ආර් රාජන් මහතාගේ සොයුරු සහ සන් මැච් සමාගමේ වත්මන් සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂක දේශමාන්‍ය සූරී රාජන් මහතා උත්සවයට එක් වෙමින් කියා සිටියේ “ අත් පා අහිමි පුද්ගලයන් හට නැවත ඇවිදීමට හැකියාව ලැබීම දැකීමයි මෙම ප්‍රධානය තුළින් අප ලබන සතුට. එය බලා සතුටු වීම කියා නිම කළ නොහැකි සතුටක්.“ නැවත් ඇවිදිමු“ කියන ව්‍යාපෘතිය හරහා එය ලබන්නා විතරක් නෙවෙයි ලබා දෙන්නත් ඒ හා සමානම සතුටක් ලබන.” බවයි.  

සන් මැච් පුද්ගලික සමාගම මෙරට පළමු ආරක්‍ෂිත ඉටි ගිනි කූරු වන “සූර්යා“ ඉටි ගිනි කූරු හඳුන්වා දුන් අතර, “සූර්යා“ නාමය යටතේ සුවඳ කූරු හා ඉටිපන්දම් ද, “සන්“ නාමය යටතේ සනීපාරක්‍ෂක නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරයි.


RECOMMEND POSTS