එන්නත්කරණ සංචාරක තීරු



පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට වෙනම තීරුවක් වෙන් කරමින් ශ්‍රී ලංකාව සමඟ සංචාරක කටයුතු ආරම්භ කිරීමට සිංගප්පූරුව පියවර ගෙන ඇත.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට නිරෝධායනය වීමකින් තොරව සංචාරය කිරීමට අවස්ථාව සලසමින් “එන්නත්කරණ සංචාරක තීරු Vaccinated Travel Lanes (VTL)” ආරම්භ කිරීමට සිංගප්පූරුව පියවර ගෙන ඇත.

 එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. මෙම ක්‍රමවේදය යටතේ සංචාරක කටයුතු ලබන මස 16 වැනිදා සිට අරම්භ වන අතර සිංගප්පූරුව ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් හතරකට මෙම අවස්ථාව ලබා දී තිබේ. කාම්බෝජය, ෆීජී, මාලදිවයින සහ තුර්කිය එම රටවල් හතර වේ.

එන්නත්කරණ සංචාරක ගමන් බලපත්‍රය (Vaccinated Travel Pass (VTP) යනුවෙන් බලපත්‍රයක් ද හඳුන්වා දී තිබෙන අතර ඒ සඳහා අයඳුම් කළ යුතු වේ. ඒ සඳහා අයඳුම් පත්‍ර බාරගැනීම දෙසැම්බර් 9 වැනිදා සිට ආරම්භ කෙරෙන බව සිංගප්පූරුවේ බහු-අමාත්‍යාංශය කාර්යසාධක බලකාය සෙනසුරාදා නිවේදනය කළේ ය.

සිංගප්පූරුව “එන්නත්කරණ සංචාරක තීරු Vaccinated Travel Lanes (VTL)” ක්‍රමවේදය යටතේ තායිලන්තය සමඟ දෙසැම්බර් 14 වැනිදා සිට සංචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර කෙටිකාලීන සහ දිගුකාලීන බලපත්‍ර හිමියන්ට අයඳුම් පත්‍ර නිකුත් කිරීමට දෙසැම්බර් 7 වැනිදා ආරම්භ වේ.

සිංගප්පූරුව “එන්නත්කරණ සංචාරක තීරු Vaccinated Travel Lanes (VTL)” ක්‍රමවේදය යටතේ ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව (ගුවනින් සහ ගොඩබිමින්), ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ අද (නොවැම්බර් 29 වැනිදා) සිට සංචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිත ය. කටාරය, සෞදි අරාබිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ දෙසැම්බර් 6 වැනිදා සිට ඒ අයුරින් සංචාරක කටයුතු ආරම්භ වේ.

වෙනත් රටවල සිට සිංගප්පූරුව පැමිණෙන සිංගප්පූරුවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින සිංගප්පූරුවේ පුරවැසියන් සහ නිත්‍ය නේවාසිකයන් බලපත්‍රයට (එන්නත්කරණ සංචාරක ගමන් බලපත්‍රය Vaccinated Travel Pass (VTP) අයඳුම් කිරීම හෝ “එන්නත්කරණ සංචාරක තීරු Vaccinated Travel Lanes (VTL)” අවශ්‍ය නොවේ.

සිංගප්පූරුව මේ වනවිට රටවල් සහ කලාප 13ක් සමඟ මෙම ක්‍රමවේදය භාවිත කරයි. ඔස්ට්‍රේලියාව, බෲනෙයි, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවල් සහ කලාප 13ට අයත් වේ.

(ඩේලිමිරර්)


RECOMMEND POSTS