ඇමෙරිකාවෙන් හදිසි සහාය



ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ආන්තිකරණයට ලක්වූ සහ අවදානම් තත්ත්වල පසුවන ප්‍රජාවලට හදිසි සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක මුදලක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන ලැබෙනු ඇතැයි කියන පැකේජයට සමගාමීව මෙම මුදල ලැබෙන අතර ආර්ථික ස්ථාවර කිරීම සඳහා, ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ගැනීමට මෙමඟින් සහාය වනු ඇතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම නව මූල්‍ය අරමුදල් මඟින් ඊට අදාළ ක්‍රියාමාර්ග සඳහා තාක්ෂණික සහාය ලැබෙනු ඇත.


RECOMMEND POSTS