අලුතින් ගුවන් යානා මිලදී ගනියි



කුවේට් ජාතික ගුවන් සේවය අලුතින් “Airbus A320neo’’ වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

ගුවන් සමාගමේ නියෝජිතයන් පිරිසක් ජර්මනියේ හැම්බර්ග් නුවරට ගොස් ගුවන්යානා 28ක් මිලදී ගැනීමට අදාල කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇත.

ගුවන්යානා කීපයක් නිල වශයෙන් බ්‍රහස්පතින්දා (අගෝ:29) දින කුවේට් ජාතික ගුවන් සේවයට භාරදීමට ගුවන් යානා නිෂ්පාදන සමාගම කටයුතු කරන බවත්, ඉතිරි ගුවන්යානා පසුව ලබාදෙන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS