සත්තු අඩුවෙලා



ගෝලීය වන ජීවීන්ගේ ගහනය, වසර 50 කට වඩා අඩු කාලයකදී, සියයට 69 කින් පහළ ගොස් ඇතැයි, එසේත් නැතිනම් අඩු වී ඇතැයි ලෝක වනජීවී අරමුදල World Wildlife Fund අනතුරු අඟවයි.

මෙය සැබැවින්ම හරිම බරපතල තත්ත්වයකි. අප කාගේත් අවධානය යොමු විය යුතු බරපතල තත්ත්වයකි.

ලෝකයේ සත්ව ගහණය වසර 50 කට වඩා අඩු කාලයකදී, සියයට 69 කින් පහළ ගොස් ඇතැයි යන්න මනුෂ්‍ය ගහනය උදාහරණ කොට ගනිමින්, සන්සන්දනය කරමින් පැහැදිලි කළොත් එය මෙසේය‍. එය හරියට, යුරෝයේ, ඇමෙරිකාවේ, අප්‍රිකාවේ, ඔස්ට්‍රේලියාව ඇතුළු ඔෂේනියායේත් චීනයේත් මනුෂ්‍ය ජනගහනය අඩු වුණා හා සමානය.‍

මේ කරුණු කාරණා අනාවරණය වූයේ පසුගිය දා ලෝක වනජීවී අරමුදලේ ‘ලාස්ට් ලිවිං ප්ලැනට්’ WWF's latest Living Planet වාර්තාව එළිදැක්වීමත් සමඟය.

ලොව නන්දෙසින් සත්ව විශේෂ 5,230 ක, සතුන් 32,000 කට වඩා වැඩි ගණනක්, ගෙවී ගිය වසර 50 කට වඩා අඩු කාලයකදී මුළුමනින්ම ලොවෙන් වඳ වී ගොස් ඇත.

මේ අතරින් ද වැඩියෙන් වඳ වීමට ලක් වී ඇත්තේ මිරිදිය ගංගා, විල් සහ පොකුණු සහ වගුරු ආශ්‍රිත ජීවීන් බවත්, 1970 වසරෙන් පසු මෙම ජීවීන්ගේ ගහනයේ අඩුවීම පමණක් සියයට 83 ක් බවත් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙයි.

මිනිසාගේ කෘෂි කාර්මික කටයුතු හේතුවෙන් සතුන්ගේ වාසභූමි ඔවුන්ට අහිමි වීම සහ කාලගුණ විපර්යාස මෙසේ සත්ව ගහනය අඩුවීමට ප්‍රධාන හේතු සාධක යැයි වාර්තාවේ පැහැදිලිව දැක්වෙයි.

සතුන් ආරක්ෂා කර ගැනීම (විශේෂයෙන් වඳවීමට ලක්වී සිටින) සඳහා විශේෂ වැඩසටහන් කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද ලෝක වනජීවී අරමුදල ලෝකයට පෙන්වා දී තිබේ. හේතුව, සත්ව ගහනයේ මෙම අඩුවීම ඉදිරියට තවත් අඩුවෙනව මිසක්, එය වෙනස් වන බවක් ‌නොපෙනෙන බැවිනි.

ගතවුණු වසර 24 පුරාවට, ලෝක වනජීවී අරමුදල වාර්ෂිකව වාර්තා එළිදක්වා ඇති නමුත් එම කිසිදු වාර්තාවක්, මෙම නව වාර්තාවට සමාන කළ නොහැකිය.

2020 වසරේ නිකුත් කළ වාර්තාවෙන් පසු 2022 වසර වනවිට තවත් අමතර නව ජීවීන් විශේෂ 838 ක, ජීවීන් 11,000 ට වැඩි ගණනක් මුළුමනින්ම ලොවට අහිමි වී ගෙසිනි.

ලෝක වනජීවී අරමුදල, ඔවුන්ගේ වාර්තාව සකස් කර ඇත්තේ ලන්ඩන් සත්ව විද්‍යා සන්සදයේ  Zoological Society of London's (ZSL) ලිවින් ප්ලැනට් ඉන්ඩෙක්ස් දත්ත Living Planet Index (LPI) පාදක කර ගනිමිනි.


RECOMMEND POSTS