ඩුබායි Expo ශ්‍රී ලංකා දිනය අද



ඩුබායිහි පැවැත්වෙන  ඩුබායි එක්ස්පෝ  ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන දිනය අදට (03) යෙදී ඇත.

ඩුබායි වේලාවෙන් අද පෙරවරු 9.00ට ශ්‍රී ලංකා  ප්‍රදර්ශනය විවෘත කෙරෙන  අතර ,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගි වෙයි .

ශ්‍රී ලංකා   සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,ශ්‍රී  ලංකා ආයෝජන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු  ආයතන රැසක්    ප්‍රදර්ශන කුටි පවත්වා ගෙන යන අතර, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම හා  ආයෝජකයන් පෙන්වා ගැනීම ඉලක්ක    කරගනිමින් ප්‍රදර්ශනයට සම්බන්ධ වී සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා තේ සහ බීරලු කැටයම් පිත්තල, පන්කොල නිෂ්පාදන අත්කම්  ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ ගණනාවක්  ප්‍රදර්ශනයට තබා ඇති අතර, ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ (2) දිනයේ ද විදේශිකයෝ  විශාල පිරිසක් පැමිණ  සිටියහ.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය ඉකුත් ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ අතර, ලබන මාර්තු මාසය දක්වා එය  පැවැත්වේ. ඩුබායිහි කිලෝමීටර් 4.38 ක  ප්‍රදේශයක ප්‍රදර්ශනය  පැවැත්වෙන අතර, රටවල් 192ක් ප්‍රදර්ශනයට එක්ව සිටී.

ශ්‍රී ලංකා දිනය යෙදී ඇති අද දිනයේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග රාජ්‍ය ඇමති ලොහන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වාමහත්වරු ද සහභාගි වෙති

(අජන්ත කුමාර අගලකඩ ඩුබායි  සිට)

RECOMMEND POSTS