විශ්‍රම වැටුපක් ඉල්ලලා නෑ



අනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙන්නැයි තමන් කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කර නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්ට හිඟ මුදල් ද ඇතිව විශ්‍රාම වැටුප් ලබාදීමට කබ්රාල් උත්සාහ කරයි” යන මැයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඊයේ (5) පළ වූ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ ප්‍රවෘත්තියේ ඇති සත්‍ය කරුණු මෙසේ යැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කළ නිවේදනයේ කරුණු කිහිපයක් දැක් වේ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“මා මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළෙමි. මාගේ පත්වීම් ලිපියට අනුව "විශ්‍රාම" වැටුපකට මට හිමිකමක් ඇත. මා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් මා වෙත ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති කුමාරස්වාමිට මවිසින් දැනුම් දෙන ලදී. අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක මවිසින් සිදු කර නොමැත.”


RECOMMEND POSTS