සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයි



සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රටක වගකීම යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ද ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ඇය කියයි.

හනා සිංගර් මහත්මිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්විණි.

“මැන්ඩෙලා නීතිවලට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් රාජ්‍යයක වගකීමක්. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යලය බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කටයුතුවලට අදළාව වැඩ කටයුතු කරනවා. මේ සියල්ල කරන්නේ සිරභාරයේ සිටින සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ඒ සඳහා තිබෙන ධාරිතාව ශක්තිමත් කිරීමටත්. ඒ නිසා සිරකරුවන්ට වැරැදි ලෙස සැලකීම අපි දැඩි ව හෙළාදකිනවා”.


RECOMMEND POSTS