ලයිසියම් ජාත්‍යන්තරයට



විදේශවල ජීවත් වන ලාංකිකයන්ගේ දූ දරුවන්ට, ලාංකික උරුමයන්, සංස්කෘතිය සහ සාරධර්ම උගන්වමින් මවු භාෂාව පිළිබඳ නිපුණත්වයක් ද ලබා දීමට 'ලයිසියම් ජාත්‍යන්තර පාසල' ජාත්‍යන්තරයට පිය නඟා තිබේ. ඒ, 'ලයිසියම් ඕෂනියා' නමින් නම් කළ නව ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපනය ලබා දීමට නව වැඩසටහනක් ආරම්භ කරමිණි.

මෙම නව ව්‍යාපෘතියේ පළමු අදිරය ලෙස පසුගිය 28 වැනිදා 'ලයිසියම් ඕෂනියා' ආරම්භ විය. ඒ, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, මෙල්බන් සහ සිඩ්නි නගර කේන්ද්‍රකොට ගනිමිනි. ඉදිරියේ දී ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ,මැදපෙරදිග රටවල, ආසියානු පැසිෆික් සහ වෙනත් රටවල ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

විදේශවල ජීවත් වන මීළඟ නව පරපුර ඔවුන්ගේ මවු රට ගැනත්, භාෂාව සහ සංස්කෘතිය ගැනත් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැනත් හැඟීමක් ඇති කරවමින්, නිවසේදීත් සමාජයේදීත් යහපත් පුරවැසියන් ලෙස මාර්ගෝපදේශ ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. ශ්‍රී ලංකා අධ්‍යාපනයේ නිවැරදි මෙන්ම විශිෂ්ට ලක්ෂණ, නව මායිම්කරා ගෙන යෑම  ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උදාර අරමුණ වී තිබේ.


RECOMMEND POSTS