ජර්මනියෙන් මුහුණු ආවරණ තොගයක්



ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්19’ මර්දනය සඳහා ජර්මනිය සායනික මුහුණු ආවරණ (Surgical Mask) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර ඇත.

ජර්මනිය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙම පරිත්‍යාගය කර තිබෙන අතර එම සායනික මුහුණු ආවරණ තොගයට මුහුණු ආවරණ 924,000ක් අයත් වේ.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ සහ සංස්කෘතික අංශයේ ප්‍රධානී ක්ලෝඩියා ටීට්සර් සහ ලෝක සේඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිපාලන නිලධාරී වෛද්‍ය ඔලිවියා නිවේරස් යන මහත්මීහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල් ගුණවර්ධන මහතාට එම සායනික මුහුණු ආවරණ තොගය බාර දුන්හ.


RECOMMEND POSTS