ඩොලර් මිලියන 2.5ක ආධාර



හදිසි ‘කොවිඩ්-19’ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක අමතර මුදලක් ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනය (USAID) මඟින් මෙම මුදල ලබාදෙන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ එන්නත් ලබාගැනීම සඳහා ඇති සාධාරණ ප්‍රවේශය තවදුරටත් වේගවත් හා ශක්තිමත් කිරීමේ අරමුණින් සහ ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය සේවකයන්ට ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෙම අමතර මුදල ලබාදෙන බව ද එම කාර්යාලය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනය (USAID) මඟින් ඇමෙරිකා එක්සත් ජනපදයේ “ඇමෙරිකානු මුදවාගැනීමේ සැලස්ම” (American Rescue Plan) හරහා මෙම මුදල් මෙරට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ඔක්සිජන් ධාරිතාව, සෞඛ්‍ය සේවා සපයන ආයතන තුළ වයිරස ආසාදිනය පාලනය කිරීම සඳහා පුද්ගලාරක්ෂක උපකරණ කට්ටල ලබාදීම, වයිරසයට ඔරොත්තු දීම සඳහා සෞඛ්‍ය සේවකයන්ට ඇති හැකියාව වර්ධනය, මෙන්ම එන්නත් බෙදාහැරීම සම්බන්ධීකරණය, ෆයිසර් එන්නත ගබඩා කිරීමට අවශ්‍ය ශීතකරණ පහසුකම් ලබාදීම, එන්නත්කරණ කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඇති හැකියාව වර්ධනය කිරීමට යනාදියට මෙම මුදල් යෙදවීමට නියමිතව ඇත. 


RECOMMEND POSTS