එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 17 පනී



මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන් ගණන මේ වනවිට 17 ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 1,710,341 දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර එය මෙරට ජනගහනයෙන් සියයට 7.9ක ප්‍රතිශතයකි.

පුද්ගලයින් 6,120,659 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර එය ජනගහනයෙන් සියයට 28.4ක ප්‍රතිශතයක් යැයි සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (20) දිනයේ ද පුද්ගලයන් 257,033 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඉන් පුද්ගලයන් 244,378 දෙනෙකු සඳහා මොඩර්නා, ෆයිසර් හා සයිනොෆාම් එන්නත්වල පළමු මාත්‍රාව ලබාදී ඇත.

ඡායාරූප - ශාන්ත රත්නායක


RECOMMEND POSTS