ඇමෙරිකා තානාපතිනිය හමුවෙයි



ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස කටයුතු කරන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (21) විදේශ සම්බන්ධත අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු විය.

ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඉදිරියේදී සිය ධුර කාලය අවසන් කිරීමට නියමිත අතර මෙම හමුවේ දී ඇය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට සිය සමුගැනීම දැනුම් දුන්නා ය.

වෙළෙඳාම, ආයෝජනය සහ ජාත්‍යන්තර සංසද තුළ දී සහයෝගීතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින්, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පිළිබඳව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදි තානාපති ටෙප්ලිට්ස් මහත්මිය සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස රාජකාරි ආරම්භ කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 22 වැනිදා ය. ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයිනේ ඇමෙරිකානු තානාපති ධුරය ද හෙබවූවා ය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරය ලෙස ජුලී ජයුන්ග් චන්ග් නම් කරනු ලැබ තිබේ.


RECOMMEND POSTS