අද පාස්කු ඉරිදා



ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානයවීම සිහි ගැන්වෙන පාස්කු ඉරිදා දිනය අදට (4) යෙදී තිබේ.

මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමින් කිතුණු ජනතාව අද පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වෙයි.

ඔවුහු දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් අද දිනයේ එම මංගල්‍යයට සහභාගී වෙති.

පාස්කු ඉරුදින අලුයම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සහයක රදගුරුතුමන්ලා ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි.

මීට දෙවසරකට පෙර දේවස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීමද අද දින සිදුවෙයි.

පාස්කු ඉරිදා දිනය වන අද දේවාස්ථාන ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 12,500 කට අධික ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රාජකාරී කටයුතුවලට යොදවා තිබේ.


RECOMMEND POSTS