ලොක්ඩවුන් නිසා කොටුවෙලා



ඉන්දියාවේ කොරෝනා වසංගතය පාලනය වන බවක් පෙනෙන තෙක් මානයක නැත. ලොක්ඩවුන් තහංචි මැද නිවෙස්වලට සහ තම තමන්ගේ නවාතැන්වලට කොටුවී හුදෙකලා වුණු ඉන්දීය නිළියෝ බොහොමයක් සිටින්නේ කනස්සල්ලෙනි.

රංගන කටයුතු අඩපණ වී ඇති බැවින්, ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකිය. තෙළිගු, දෙමළ මෙන්ම හින්දි චිත්‍රපට හරහා රසික හදවත් දිනාගත් තමන්නා භාතියාගේ ද ඒ අතර සිටී.

සමාජ මාධ්‍ය හරහා රසික රසිකාවියන්ගේ 'Comments' සහ 'Likes' මැද තමන්නා දවස ගෙවයි.

31 හැවිරිදි සුරූපිනිය, උදෑසන අවදි වූ සැණින්, මේකප් නොමැතිව, ඉන්ටග්‍රෑම් හරහා ඡායාරූපයක් පළ කරමින් සිය රසික රසිකාවියන්ගෙන් විමසන්නේ 'අද මං මොනවද කරන්නේ?' යනුවෙනි. 'නාන්නද? එපාද?' ඇය අගේ රසික කැළගෙන් විමසයි.

තමන් අසන ප්‍රශ්නවලට හරි අපූරු විදියේ අදහස් සහ පිළිතුරු ලැබෙන බව තමන්නා පවසයි.

රංගන කටයුතුවලට විරාමයක් තැබුවත්, එදිනෙදා ව්‍යායාම අඩු නොකළ බව තමන්නා නිරන්තරයෙන් පවසන්නේ, ඇය ව්‍යායාම කරන අයුරු දැක්වෙන ඡායාරූප පළ කරමිනි.

ඊට අමතරව, නිවසේ සිටිද්දී රුව හැඩ කරගන්නා අයුරු, රසවත් මෙන්ම පෝෂණීය ආහාර සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම ද තමන්නා විසින් සිදු කරනු ලබයි.

තමන්නා කොරෝනා ආසාදිතයකු වී සුවය ලැබූ ඉන්දීය නිළියකි.

එන්.ඩී.ටීවී


RECOMMEND POSTS