මැණිකේ හින්දි අනුවාදනය



නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කළ මැණිකේ මගේ හිතේ ’’ සිංහල ගීතයේ හින්දි අනුවාදය නව බොලිවුඩ් චිත්‍රපටයක් හරහා  ලබන වසරේ දී එළිදැක්වීමට නියමිතව ඇතැයි ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත සමාගමක් වන '' ටී සීරිස් '' ආයතනය නිවේදනය කළේය.

මැණිකේ මගේ හිතේ ගීයේ මෙම හින්දි අනුවාදය ද යොහානි විසින් ගායනා ගායනා කරන අතර එය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයක් වන '' තෑන්ක් ගෝඩ් '' චිත්‍රපටය වෙනුවෙන් කරන  පසුබිම් ගායනයක් යැයි ද මේ සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම වන ටී සීරිස් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වන විට අන්තර්ජාලය හරහා ඉන්දියාව ඇතුළු ලෝකයේ  රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් ව සිටින යොහානි  ප්‍රති ගායනා කරන, මැණිකේ මගේ හිතේ, ගීතයේ අයිතිය ඉන්දියාවේ ‘ටී සීරීස් ’ ආයතනය විසින් ලබා ගෙන ඇති අතර  ටී සීරීස් ⁣විසින් සිංහල ගීයක අයිතිය ලබා ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ. ඒ අනූව‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ සෑම භාෂාවකින්ම ගැයීමේ අයිතිය මෙම සමාගම සතුවේ.

ඉන්දියාවේ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය ඇත.

යොහානි ගයන මැණිකේ මගේ හිතේ ගීතයේ  හින්දි අනුවාදනය සහිත '' තෑන්ක් ගොඩ් ''  චිත්‍රපටයේ  අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිං යන බොලිවුඩ් නළු නිළියක් රංගනයෙන් දායක වේ.

යොහානි ප්‍රති ගායනා කළ 'මැණිකේ මගේ හිතේ'' ගිතය පසුගිය 19 වැනිදා වනවිට යූ ටියුබ් ඔස්සේ  කෝටි 16 ක් නරඹා ඇති  අතර, සිංගල ගීතයක්  යූ ටියුබ් නැරඹුම් වාර ගණන කෝටි 10 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ.

''මැණිකේ මගේ හිතේ " සිංහල ගීතයේ මුල් ගායනය සතීෂාන් රත්නායක විසින් සිදු කළ අතර එහි පදරචනය දුලාන් ඒ.ආර්.එක්ස් විසින්ද , සංගීතය චමත් සංගීත්ද සිදු කර ඇත.

එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් යොහානි  සිය  පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංග දෙක  පසුගිය සැප්තැම්බර් 30 වනදා ඉන්දියාවේ නවදිල්ලියේදී , ඔක්තෝබර් 03 වැනිදා හද්‍රාබාද් හී ඉතාම සාර්ථක ලෙසින් පැවත්වූවාය .ඉදිරියේදී  ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.

ඉන්දියාවේ ලැබූ ජනප්‍රියත්වය නිසාම ඇය ලෝකයේ වැඩිම යූ ටියුබ් අනුගාමිකයන් සහිත ඉන්දියාවේ ටී සීරිස් ආයතන සමගද සංගීත කටයුතු සදහා ගිවිසුම් ගත වී ඇත.ඒ අනුව ඇය සිය පලමු බොලිවුඩ් ගීත ගායනයටද ඉකුත් 04 පිවිසියාය."ෂිද්දත්" නැමති බොලිවුඩ් චිත්‍රපටයේ පසුබිම් ගීතයේ කාන්තා අනුවාදන ගීය වූ එය ද මේ වන විට කෝටියක් නරඹා අවසානය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS